Pinga Oya Statement

Published by EAA on

Engineering Association Akurana

ප්‍රදේශයේ හදිසි ජලගැලීම් තත්ත්ව අවම කිරීම සඳහා අකුරණ ඉංජිනේරුවරුන්ගේ සංගමය ගෙන එනු ලබන නිර්දේශයන්

         පිඟාඔය හා එහි අතු ගංගා ආශ්‍රිතව දිගින් දිගටම සිදුවන ජලගැලීම් තත්ත්වයන් ඇතිවීම පිළිබඳව අකුරණ ඉංජිනේරුවරුන්ගේ සංගමය ලෙස අපගේ අවධානය යොමු කරන ලදි.

       එහිදී අවබෝධ කරගත් කරුණු අතර 1990 දශකයේ අග භාගයේ සිට, ගංගාව දෙසට සිදුකළ ඉදිකිරීම් වැඩිවීම, අපජලය හා අනෙකුත් අපද්‍රව්‍ය ගංගාවට බැහැර කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම හා ඉඩම් ගොඩකිරීමේ කටයුතු නිසා ගංගා මායිම්වල පිටාර තැනිතලා අහිමිවීම සහ අකුරණ නගරය අවට පිඟාඔය උප ජල පෝෂක ප්‍රදේශයේ “ඉදිකළ බිම්වේ”ගයෙන් වැඩිවීමක් සිදුවී ඇත.

          මෙහිදී ගංවතුර සඳහා හේතු, යෝජිත අවම කිරීමේ පියවර සහ එහි අඩුපාඩු, ඵලදායී ලෙස ගංවතුර හානි අවම කිරීම සහ ගංගාව ආශ්‍රිත ප්‍රතිසංස්කරණ සංවර්ධනය කිරීම සඳහා වන මූලධර්ම පිළිබඳව අකුරණ ඉංජිනේරුවරුන්ගේ සංගමය ලෙස අපගේ ස්ථාවරය මෙහි දක්වා ඇත.

හදිසි ජලගැලීම් තත්ත්වයන් ඇතිවීමට බලපාන මූලික හේතු

1.ග පිඟාඔය හා එහි මායිම් ඉවුරු දෙසට සිදුකරන ලද අනවසර ඉදිකිරීම් කටයුතු.
2.ග ස්වභාවික ගංගා පිටාර තැනි ගොඩ කිරීම.
3.ග ජල පෝෂක ප්‍රදේශයේ භූගත ජල කාන්දුවට ප්‍රයෝජනවත්වන ස්වභාවික වෘක්ෂලතා ආවරණය
සීග්‍රයෙන් අඩු වීම.
4.ග ඝන අපද්‍රව්‍ය හා ඉදිකිරීම් සුන්බුන් ගංගාවට බැහැර කිරීම..

˜අකුරණ ජල ගැලීම් සඳහා පොල්ගොල්ල ජලාශයේ බලපෑම ඉතා අවම මට්ටමක පවතී.˜
පොල්ගොල්ල වේල්ල අකුරණ ජලගැලීම් සඳහා හේතුවන බව ඇතැම් පිරිස් මත පළ කළත් ඒවා තහවුරු
කළ කරුණු හෝ පර්යේෂණ මත නොව පෞද්ගලික මැති මතාන්තර මත පදනම් වූ ප්‍රකාශ වේ.
පොල්ගොල්ල වේල්ලෙන් වන බලපෑම අවම බවට අප ගෙන එනු ලබන තර්කයන් වන්නේ,
 පොල්ගොල්ල වේල්ලෙහි ඉහළම උසකින් පිහිටි වාන් දොරටුවත් අකුරණ නගරයේ උන්නතාංශයට
වඩා මීටර 10කට වඩා පහළින් පිහිටා ඇති බැවින් වාන් දොරටු වැසීමේදී ජලය නැවත අකුරණ නගරය
දෙසට තල්¨ වීමක් සිදු නොවේ. එලෙස පොල්ගොල්ල වේල්ලෙහි බලපෑමක් ඇතිනම් අකුරණ
නගරයට වඩා පහළ උන්නතාංශ වල පිහිටි කටුගස්තොට හා අඹතැන්න නගරද නිරන්තර ජලගැලීම්
වලට ලක්විය යුතු නමුත් එසේ සිදු නොවීම.
 අකුරණ නගරයේ ජලගැලීම් සිදුවන අවස්ථාවල කිසිඳු අවහිරයකින් තොරව කටුගස්තොට දෙසට ජල
පහර වේගයෙන් ගලා යාම සිදුවීම.
 1980 දශකයේ පොල්ගොල්ල වේල්ල ඉදිකළ අතර පළමු වසර 10 තුළ කිසිඳු ජල ගැල්මක් වාර්තා වී
නොමැත. 1990 දශකයේ එක් ජලගැල්මක් පමණක් වාර්තා වී තිබීම.
 ඇතැම් පිරිස් තර්ක කරනුයේ ජලාශයේ රොන්මඩ තැන්පත් වී එමඟින් ගංගාවේ ඉහළ ප්‍රදේශ වෙතට
රොන්මඩ තල්¨වීමක් සිදුවන නිසා පිඟාඔයෙහි ධාරිතාව අඩුවී ජලය පිටාර ගලන බවයි. නමුත්
රොන්මඩ ගංගාවේ ඉහළට තල්¨ වීමක් සිදුනොවන අතර රොන්මඩ ගංගාව පහළට ගලා යෑම අවම
කරයි. මේ පිළිබඳව විධිමත් අවධානය යොමු වීමක්ද සිදු නොවේ.

දේශගුණික විපර්යාස පිඟාඔය ජල ගැලීම් සඳහා හේතුවක්ද?
දේශගුණික විපර්යාසද මෙහිදී හේතුවන බව අනුමාන කරන නමුත් පසුගිය දශක දෙකක කාල සීමාව තුළ
වර්ෂාපතන දත්තවලට අනුව වර්ෂාපතන තීව්‍රතාව වැඩිවීමක් වාර්තා වී නොමැත.

ජලගැලීම් හානි ඵලදායිව අවම කරගැනීම අපහසු වන්නේ,
  • නිවැරදි තොරතුරු සංසරණය නොවීම, වැරදි මඟපෙන්වීම්, විද්‍යාත්මක හා ඉංජිනේරු විද්‍යාත්මක කරුණු
    නොසළකා හැරීම මෙන්ම සාමාන්‍ය කරුණු පිළිබඳව අවධානය යොමු නොකිරීම හේතුවෙනි.
    වර්තමානයේදී,
  • ගොඩනැගිලි ඉදිකිරීම, ඉඩම් පරිහරණය, අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධව ශක්තිමත් නීති හා
    නියාමනයන් නොමැති වීම නිසා ඒ සම්බන්ධ ගැටළු නොසළකා හැරීම සිදුවේ.
  • විශේෂඥයින්, උපදේශකයින් සහ අදාළ වෙනත් පාර්ශව වල විනිවිදභාවය සහ සහභාගීත්වය
    නොමැතිකමද දක්නට ඇත.
  • පිඟාඔය හා එහි ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණය සඳහා මහජන සහභාගීත්වයක් සිදු නොවේ.
  • දුර්වල නියාමනයන්, නිරීක්ෂණ සහ ක්‍රියාත්මක කිරීම් සිදුවේ.
  • සුදුසු ඉංජිනේරු සහ විද්‍යාත්මක විශ්ලේෂණයන් මඟින් පිළියම්, ප්‍රතිපත්ති ගෙන ඒම පිළිබඳව අවධානයක්
    යොමු නොකරයි.
මෑතකදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් යෝජිත ජලගැලීම් හානි අවම කිරීමේ පියවර

2022 දෙසැම්බර් ^දෛනික වර්ෂාපතනය මිලිමීටර් 120& මස ඇති වූ ජල ගැල්මෙන් පසු, දිස්ත්‍රික්
ලේකම්වරයාගේ නායකත්වයෙන් යුත් රජයේ නිලධාරී මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගංවතුර
බලපෑම අවම කිරීමේ පියවර වූයේ,
1. ගං පත්ලෙහි රොන්මඩ ඉවත් කිරීම.
2. ස්වභාවික ජල මාර්ගය අවහිර වන ඇතැම් ඉදිකිරීම් ඉවත් කිරීම.
 (a) 9 වන කිලෝමීටර් කණුව, අකුරණ නාම පුවරුව අසළ ^මැංගුස් වත්ත& පටු පාලම ඉවත් කිරීම.
  (b) 10 වන කිලෝමීටර් කණුව අසළ නීරල්ල පාලමේ මැද කණුව ඉවත් කිරීම.
3. අකුරණ ප්‍රදේශයේ ජලගැල්මක් ඇතිවන විට පොල්ගොල්ල වේල්ලෙහි වාන් දොරටු විවෘත කිරීම සඳහා
අනතුරු ඇඟවීමේ පද්ධතියක් සැකසීම.
මේ අතරින්, 2023 දෙසැම්බර් වන විට,
1. ජල ගැල්මට ලක්වූ ප්‍රදේශ කිහිපයක රොන්මඩ ඉවත් කිරීම.
2. මැංගුස් වත්ත පාලම ආශ්‍රිත ප්‍රතිසංස්කරණ කටයුතු පමණක් සිදු කර ඇත.

එම යෝජිත පියවර ක්‍රියාත්මක කිරීමෙන් පසුවද,

කෙසේ වෙතත්, මෙම අවම කිරීමේ පියවර ක්‍රියාත්මක කිරීමෙන් පසුවත් මිලිමීටර් 70ක් ලෙස දෛනික
වර්ෂාපතනය වාර්තාවූ 2023 වර්ෂයේද ජල ගැලීම් වාර්තා විය.
ගංගාව, එහි මායිම් සහ ජල පෝෂක ප්‍රදේශයේ විවිධ ඉදිකිරීම් සහ පස් බැහැර කිරීම ජල ගැලීම් වැඩි වීමට
හේතුවී ඇත.
පිඟාඔය ගං පත්ල හාරා ධාරිතාව වැඩිකිරීමෙන් මාස කිහිපයක් පමණක් ජල ගැල්මෙන් ආරක්ෂා විය හැක.
නියාමනය නොකළ ^නීති විරෝධී& ඉදිකිරීම්, භූගත ජල කාන්දුව අවම කර මතුපිට සෝදා යාමේ වේගය
වැඩි කරයි.

ගංවතුර අවධානම අවම කිරීම සඳහා අකුරණ ඉංජිනේරුවරුන්ගේ සංගමය පහත සඳහන් පියවර නිර්දේශ කරයි.
පරිපාලන ගැටළු අවම කිරීම

1. ගංගාව සහ ජල පෝෂක ප්‍රදේශය පිළිබඳව නීති රීති නිවැරදිව ක්‍රියාත්මක විය යුතුයි.
2. අල්ලස් හා ¥ෂණය වැළැක්වීමට අවශ්‍යය කටයුතු සම්පාදනය.
3. පිඟාඔය සහ එහි ජල පෝෂක ප්‍රදේශ පරිපාලනය පිළිබඳව වඩා හොඳින් දැනුවත් වීම.
4. රාජ්‍ය නිලධාරීන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන් සහ ඉඩම් පරිහරණ සැලසුම්කරුවන්ගේ ක්‍රියාවන්හි
විනිවිදභාවය ඇතිකිරීම.

විනිවිදභාවය සහ මහජන සහභාගීත්වය

5. ගංගා පරිපාලනය, එහි මායිම් හා ගං ද්‍රෝණිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම ^විශේෂයෙන් කාන්තා
පාර්ශවය, තරුණ ප්‍රජාව හා අදාළ ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, පරිසර විශේෂඥයන්, උපදේශකයන්& පුළුල්
විය යුතුයි.

මානව, පරිසර සාධක සහ පරිසර ¥ෂණය සැලකිල්ලට ගනිමින් සමස්ථ ගංගා පරිසර පද්ධති කළමනාකරණය

6. පිරිසිදු කිරීම, ස්නානය සහ විනෝදාස්වාදය සඳහා මහජනතාවට ගංගාව වෙත ප්‍රවේශය ලබාදීමට
කටයුතු කිරීම.
7. ගංගාව අවට පරිසර ¥ෂණය වැළැක්වීම හා අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කිරීම.
8. පරිසර පද්ධතියේ ශාක හා සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීම.

පුළුල් තාක්ෂණික සැලසුම් සහ ක්‍රියාත්මක කිරීමේ විනිවිදභාවය

9. උසස් ඉංජිනේරු විද්‍යා සහ විද්‍යාත්මක විශ්ලේෂණ පිළිබඳව තොරතුරු බෙදාහැරීම.
10. ප්‍රාදේශීය ඉංජිනේරුවන් සහ විද්‍යාඥයන්හේ සහයෝගීතාව වර්ධනය.
11. අවශ්‍යතාවයට අනුකූල නොවෙනස් දිගුකාලීන කලාපීය සැලසුම් වලට ප්‍රමුඛතාව දීම.

පිඟාඔය සහ එහි ජල පෝෂක ප්‍රදේශයේ පරිසරය කෙතරම් ¥ෂිතද යත් තව දුරටත් එය විනාශ වීම වැළැක්වීමට හැකි ඉක්මනින් කටයුතු කළ යුතුයි. නීති විරෝධී සංවර්ධන කටයුතු වැළැක්වීම, නීති විරෝධී
අවසර ලබාදීම් වැළැක්වීම මෙන්ම දේශපාලඥයින්, අදාළ නිලධාරීන් වැනි බලධාරීන් ඒ සඳහා අවශ්‍යයකටයුතු සම්පාදනය ඉතා වැදගත් වේ. නිවැරදි පාලනයක් නොමැතිව ක්‍රියාත්මක කරන කිසිඳු විසඳුමක්
ඵලදායී නොවේ.

Categories: Workshops

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *